ආකර්ෂණීය පෙනුමට ටැටු (Tattoo) …

වර්තමාන සමාජයේ බොහෝ දෙනා ටැටු (Tattoo) ගැන විවිධ මත පළ කළත් ඇත්තෙන්ම එය ආකර්ෂණීය කලාවකි. විලාසිතා නිර්මාණකරුවෙකුට ( fashion designer) මෙන්ම ලස්සනට අඳින්න පළඳින්න කැමති ඕනිම කෙනෙකුට ටැටු (Tattoo) කියන්නේ ආකර්ෂණීය විදියට ලස්සන වෙන්න හොඳ ක්‍රමයකි. මන්ද එමගින් ඕනෑම ඇඳුම් විලාසිතාවත් තවත් ආකාර්ෂණීය වන බැවිනි.

ඉතා ඈත අතීතයේ සිට ලෝකයේ මිනිසුන් ටැටු (Tattoo) භාවිතයට යොමු වී සිට ඇති බව සොයාගෙන ඇත. එනම් ඕටිසි (Otzi) නමින් හඳුන්වන ක්‍රි.පූ. 3400 ත් 3100 ත් අතර ජීවත් වූ මිනිසෙකුගේ ස්වාභාවික මමියක ටැටු (Tattoo) සටහන් 61 ක් තිබී හමුවීමත් සමගය.

එතරම් පැරණි කලාවක් වුවත් වර්තමාන සමාජයේ ඒ පිළිබද විවිධ මත පැවතීම හේතුවෙන් ටැටු (Tattoo) කලාවට යොමු වීමට බො‍හෝ දෙනෙක් මැළිකමක් දක්වයි. එසේ වුවද ඇත්තෙන්ම එය තවත් ආකර්ෂණීය සුන්දර කලාවකි. ටැටු (Tattoo) කලාව මුල් කාලයේ බොහෝ විවේචනයට ලක්විය. එහෙත් එහි නිර්මාණාත්මක භාවය වැඩි නිසා ටැටු (Tattoo) භාවිතා කරන්න බොහෝ දෙනෙක් දැන් පෙළඹෙන බැවින් ඔබට සමාජයෙන් කොන් වීමක් හෝ අවතක්සේරුවක් ඇති වන්නේ යැයි අනිසි බියක් ඇති කර ගත යුතු නැත.

ටැටු (Tattoo) මිනිස්සු භාවිතා කරන්නේ ඇයි?
විලාසිතා වලට ප්‍රිය කරන සෑම දෙනාගේම අපේක්ෂාව වන්නේ කැපී පෙ‍නෙන ලෙස වු සුන්දර විලාසිතා අනුගමනය කිරීමයි. එමගින් තම සිරුරට වැඩි ආකර්ෂණීය බවක් ලබාදෙමින්, තමාගේ සුන්දරත්වය ඉස්මතු කර පෙන්විය හැකිය. ටැටු (Tattoo) යනු ඒ සදහා යොදා ගන්නා හොඳ ප්‍රවේශ මාර්ගයකි. තමන් වෙත සැමගේ නෙත් නිරන්තරයෙන් යොමු කර ගැනීම සදහා ආකර්ෂණීය පෙනුමකට ටැටු (Tattoo) භාවිතා කෙරේ.

ටැටු (Tattoo) වලින් ආකර්ෂණිය බවක් ලැබෙන්නේ කෙසේද?
අපගේ සම සාමාන්‍යයෙන් පෙනෙන ආකාරය ට වඩා, එය මොස්තරයකින් සැරසුන විට වැඩි අලංකාරයකින් පෙනේ. බොහෝ විට අපේ ශරීරයේ පිටතට පෙනෙන තැන් වල ටැටු (Tattoo) වැඩිපුර නිර්මාණය කර ගන්නා බැවින්, ටැටු (Tattoo) මෝස්තරයක් ඇති විට ගැහැණු, පිරිමි බේදයකින් තොරව ඕනෑම කෙනෙක් ගේ ශරීරයට වැඩි ආකර්ෂණිය භාවයක් ලැබේ.

සම සුදු අයට විතරද ටැටු (Tattoo)?
නැත, තලෙළු සම ඇති අයටත් ටැටු (Tattoo) භාවිතා කල හැකිය. එහෙත් වර්ණ තෝරා ගැනීමේදී වඩා සැලකිලිමත් විය යුතුය‍. තලෙළු අයට තද දුඹුරු,කළු පැහැති ටැටු (Tattoo) වඩාත් යෝග්‍ය වේ. ලා පැහැති වර්ණ තලෙළු අයට නොගැලපේ. එහෙත් සම සුදු අයට ඕනිම වර්ණයක් භාවිතා කිරීම සුදුසු වේ.

ටැටු (Tattoo) භාවිතා කරලා නැති අයෙක් මුලින්ම ටැටු භාවිතා කරන්න ආරම්භයට හොඳම විදිය කුමක්ද?
ටැටු (Tattoo) ආධුනිකයින් සදහා තාවකාලික ටැටු (Tattoo) එනම් Fake Tattoos – Temporary Tattoos භාවිතා කල හැකිය. ස්ථිර ටැටු (Tattoo) මෝස්තරයක් නැවත වෙනස් කිරීම හෝ ඉවත් කිරීමට අසීරු කටයුත්තක් බැවින් Fake Tattoos – Temporary Tattoos භාවිතා කර උත්සහ කර බැලිය හැකිය. මෙමගින් ඔබ ලබා ගන්නා අත්දැකීම් හා එහි සුන්දරත්වයට ඔබේ ඇති කැමැත්ත අනුව හොදින් සිතා බලා ස්ථිර ටැටු (Tattoo) මොස්තරක් සකස් කර ගැනීමට ඔබට හැකිය.

ටැටු (Tattoo) භාවිතයේදී ඔබට ලැබෙන වටිනාම දේ වන්නේ අසීමිත රටාවන් සහිත ටැටු (Tattoo) විලාසිතාවන්ගෙන් සැරසීමට ඇති හැකියාවයි. එනම් ඔබ යාමට අදහස් කරන විවිධ අවස්ථාවන්ට ගැළපෙන ලෙස ටැටු (Tattoo) නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙන බැවිනි. ඔබට ටැටු (Tattoo) භාවිතා කරන අවස්ථා වලදී ආභරණ වෙනුවට ටැටු (Tattoo) භාවිතා කල හැකිය. බෙල්ලට හිර වෙන බෙල්ල වටා යන කළුපාට රටාවක් ඇති මාලයක් ආභරණයක් සේ භාවිතා කිරීමට වඩා ඒ ආකාරයේ ටැටු (Tattoo) එකක් භාවිතා කල හැකිය. එනම් ආභරණ නොමැති අඩුව ටැටු (Tattoo) වලින් පිරිමසාගන්න අවස්ථාව ලැබේ. එසේම අභාරණයකට වඩා ආකර්ෂණීය වෙනස් පෙනුමක්ද එක් කරයි.

ඔබ සහභාගී වන අවස්ථාවේ හැටියට ටැටු (Tattoo) නිර්මාණය වෙනස් කරගත හැකිය. එනම් උපන්දින සාදයකට යද්දී මල් වැලක් සහිත ටැටු (Tattoo) නිර්මාණයක්ද, නත්තල් සාදයකට යද්දී සීනු, නත්තල් ගස් වල කොළ මෝස්තර, නත්තල් සීයා, ඉටිපන්දම් වැනි ටැටු (Tattoo) මෝස්තරද යොදා ගත හැකිය. වැලන්ටයින් සාදයකට යන යුවතියකට ❤️ ලකුණ සහිත ටැටු (Tattoo) එකකින් හෝ තද රතු පැහැති රෝස මල් ??මොස්තරයකින් සැරසී යා හැකිය. ඉන් වැඩි ආකර්ෂණීය පෙනුමක් ඇතිවේ. ඔබ විනොද චාරිකාවක්, සංචාරයක් සඳහා යාමේදී හෝ මිතුරු මිතුරියන් සමග විනෝද වෙන්න යන අවස්ථාවක ගැහැනු පිරිමි බේදයකින් තොරව ??☠️? වැනි යක් රූප,වෙස් මුහුණු, හීබෲ මුහුණු, ගෝත්‍රික මුහුණු ආදී ටැටු (Tattoo) නිර්මාණ වලින් සැරසිය හැකිය. එවිට එමගින් ඔබට කෙළිලොල් පෙනුමක් ගෙන දෙයි. ඔබ රාත්‍රී සාදයකට සහභාගී වන යුවතියක් නම් ආභරණ වෙනුවට ඔබට රත්තරං හෝ සිල්වර් පැහැය මිශ්‍ර ටැටු (Tattoo) රටා අත්හදා බැලිය හැකිය. ඉන් ඔබේ පෙනුමට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක් කරයි.

no images were found

බොහෝවිට ටැටු (Tattoo) නිර්මාණය කරන්නේ උරහිස, පිට, පපුව, බෙල්ල, කකුල්, කලවා ප්‍රදේශ වල වේ. එසේ වුවත් තරුණියකට බඳ ප්‍රදේශයේ හෝ ඉන ප්‍රදේශයේ ටැටු (Tattoo) නිර්මාණයක් කර, කෙටි බ්ලවුසයක් හෝ ස්කිනියර් ආකාරයේ උඩු කයට උචිත ඇඳුමකින් සැරසී, ඉනට පහතින් කොට කලිසමක් හෝ කොට ස්කර්ට් එකක් වැනි තමන්ට කැමති ගැළපෙන ඇඳුමකින් සැරසී යා හැකිය. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ටැටු (Tattoo) නිර්මාණය පිටතට පෙනෙන ලෙස ඔබගේ ඇඳුම් විලාසිතාව සකස් කරගැනීමයි. 

no images were found

ටැටු (Tattoo) නිර්මාණ සදහා බියකරු ආකාරයේ රූප සටහන්ද යොදා ගන්නා අවස්ථා තිබේ. ඩ්‍රැකියුලා ලේ බොනවා වැනි දර්ශන, යක්ෂයෙක් ඇස් රතු කරගන දිව දික් කරගන බලා ඉන්න දර්ශන, යක්කුන්ගේ රූප, මිනී ඔලු, ගිනි දැල් පිඹින මකරු, සර්පයෝ, සිංහයෝ, කොටියෝ, මකුළුවෝ, අඞු සහිත සතුන්, බේරුන්ඩ පක්ෂියා,හංස රූප, ඇත් රූප, දත් විලිස්සාගන සිටින ඩයිනෝසරයන් වැනි සත්තුන්ගේ රූපද යොදා යොදා ගත හැකිය. මීට අමතරව මාළුන්ගේරූප, දිය කිඳූරිය,මොණරු වැනි රූපද බහුලව භාවිතා කෙරේ. 

ඔබ ටැටු (Tattoo) භාවිතා කරන විට අමතක නොකල යුතු කරුණක් වන්නේ ඔබගේ ටැටු (Tattoo) නිර්මාණය හොඳට කැපි පේන විදියේ ඇඳුම් ඩිසයින් හා ඒවායේ වර්ණද තෝරාගත යුතු බවයි. ටැටු (Tattoo) සදහා භාවිතා කරන වර්ණය සුළු වශයෙන් හෝ ඔබ අඳින ඇඳුමේ වර්ණයට ගැලපේ නම් එයින් ද වැඩි සුන්දරත්වයක් ඉස්මතු වේ. ඔබ නිතරම ඇඳුම් විලාසිතා තෝරාගත යුත්තේ ටැටු (Tattoo) නිර්මාණයට මූලිකත්වය දෙමිනි. 

no images were found

3 D ආකාරයේ ටැටු (Tattoo) යොදා ගැනීමෙන් වැඩි ආකර්ෂණයක් එක් කරගත හැක. සමනලයෙක් උරහිස මත වසා සිටින අයුරින් තාත්වික ලෙස ටැටු (Tattoo) නිර්මාණයක් කර ගත හැකිය. එසේම සෙවනැලි සහිතව 3 D ආකාරයේ මල් මෝස්තර,සත්ව රූප,කුරුලු රූප,රාජාලියා,උකුස්සා වැනි රූප තාත්විකව ශරීරය මතුපිට නිර්මාණය කර ගත හැකිය. මකුළුවෙක් උරහිස මත,මකුළුදැලක පැටලී සිටින දර්ශනයක් වුවද 3 D ආකාරයට සකස් කර ගැනීමෙන් සුවිශේෂී ආකර්ෂණීය භාවයක් ඇතිවේ. 

no images were found

ටැටු (Tattoo) වලින් ආකර්ෂණිය සරාගි පෙනීමක් ලබා ගැනීමට කල හැකි තවත් බොහෝ නිර්මාණාත්මක දේවල් රාශියක් ඇත. කාන්තාවකගේ පපුව ප්‍රදේශයේ ටැටු (Tattoo) නිර්මාණයක් කරගත හැකිය. එවිට පපුව නිරාවරණය වන ආකාරයේ ඇඳුම් සදහා එය යෝග්‍ය වේ. ඊට අමතරව ඇඳුමක විවරයක් තුළින් ටැටු (Tattoo) නිර්මාණය පිටතට පෙනෙන ආකාරයට සැලැස්වීම මගින් වැඩි ආකර්ශනයක් ඇති කරයි. 

no images were found

ආකර්ෂණිය පෙනීමක් ලබා දෙන රූප යොදා ගැනීමද වර්තමානයේ ජනප්‍රියම ටැටු (Tattoo) විලාසිතාවකි. තරුණියට උරහිසේ, තරුණයෙක් ලයන්විතව සිප ගැනීමට සූදානමින් සිටින අයුරු, බඹරෙක් රොන් ගැනීමට තුඩ තබා සිටීම, කුරුල්ලෙක් මලකින් පැණි බොන්න හොට තබා ගැනීම, සරාගි දෙතොල් (sexy Lips) , සරාගී දෙනෙත් (sexy eyes) වැනි දෑ, ටැටු (Tattoo) ලෙස නිර්මාණය කිරීම වඩා ආකර්ෂණීයයි. තවද තරුණයෙකුට නම් උඩු කය නිරාවරණය වූ දිය කිඳූරියකගේ රූපයක් ටැටු (Tattoo) සදහා යොදා ගත හැකිය. 

no images were found

ටැටු (Tattoo) භාවිතා කරමින් ආකර්ෂණිය පෙනුම වර්ධනය කර ගැනීමට දැන් ඔබටත් උත්සහ කර බැලිය හැකිය. එසේම ඔබ ටැටු (Tattoo) නිර්මාණයක් කිරීමට පෙර, එයට වැඩි ආකර්ෂණයක් සදහා ශරීරයේ කුමන ස්ථානයේ එය සකස් කර ගත යුතු දැයි තීරණය කිරීමට පහත දැක්වෙන රූප සටහන සහාය කර ගන්න.

ආකර්ෂණීය පෙනුමට ටැටු (Tattoo)

Social media & sharing icons powered by UltimatelySocial
Call Now